ඉන්දියාව තම අපරාජිකත්වය රැක ගනී

0
Views: 1

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සුරක්ෂිත කර ගැනීමට ඉන්දියාව සමත් වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 21 වන තරඟය ඉන්දියාව සහ නවසීලන්තය අතර ධර්මශාලාහිදී පැවැත්වුණා.කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු ඉක්මනින්ම දැවී ගියේය. එය නවසීලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය.නවසීලන්තය බලාපොරොත්තු වූ ලකුණු ප්‍රමාණයට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට අවසන් ඕවරයේදී ඉන්දීය පන්දු යැවීම ඉවහල් විය

නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 10ක් දැවී ලකුණු 273ක් රැස් කළා. තරග හතරකට පසුව සංචිතයට ඇතුළත්ව සිටි මොහොමඩ් ෂාමි විශිෂ්ට ලෙස පන්දු යවමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 5 දවා ගැනීමට සමත් විය..

නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබාදුන් අතර ඉන්දියාව මෙම ලකුණු ඉලක්කය පන්දු ඕවර් 48 කදී ඉතා පහසුවෙන් කදුළු 06 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. මෙම තරගයේ ජයග්‍රාහනයත් සමග ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා බොහෝ දුරට සුදුසුකම් ලබනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි ලකුණු 95 ක් රැස් කළේය.නායක rohith sharma ලකුණු 46 ක් රැස් කළේය,රවින්ද්‍ර ජඩේජා නොදැවී 39යි

Sportzlanka.com## ICC World Cup 2023 ## News

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *