ධර්මශාලා තනතිරුවේ කාසියේ වාසිය ඉන්දියාවට

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය ලෙස සත්කාරක ඉන්දියානු කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර ධර්මශාලා හිදී දැන් පැවැත්වේ .
දෙපිලම සහබාගි උ තරග හතරෙන්ම ජයග්‍රහණය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වී ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසු වේ . කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක Rohith Sharma පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
පිට පිට තරග හතරක ජයගරහ්ණය ලබාගනිමින් නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙනසිටි.ආබාධයකට ලක්ව සිටින Hardik Pandya වෙනුවට මොහොමඩ් සාමි අද තරගයට කදව ඇත,
ජයග්‍රාහී මානසිකත්වයෙන් පිටියට පිවිසි නවසිලන්ත ආරම්භක පිතිකරුවන්ට වැඩි වෙලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉන්දීය වේගපන්දු යවන්නන් ඉඩක් ලබාදුන්නේ නැත.
ලකුණු 19ට කදුළු දෙකක් දැවී අසීරු මොහොතක සිටිය විටදී පිටියේ එකතු වූ රචින් රවිද්‍ර හා ඩැරල් මිචෙල් 3 වන කඩුල්ලට ලකුණු 159 ක සබදතාවක් ගොදනගුහ .රචින් රවිද්‍ර 75 [87],අනගි ඉනිමක් ක්‍රීඩා කල ඩැරල් මිචෙල් 130 [126] ලබා ගත්තා .සිය පන්දුවාර 50 අවසානයේදී නවසිලන්ත කණ්ඩායම ලකුණු 273ක් ලබා ගත්හ.පන්දු යැවීමේදී අද කණ්ඩායමට එක වූ මොහොමඩ් සාමි ලකුණු 54 ට කදුළු 05ක් දවා ගත්තා.

ට්‍රෙන්ට් බෝල්ට් ,මැට් හෙන්රි ප්‍රමුඛ නවසිලන්ත වේග පන්දු බල ඇණිය හමුවේ වේග පන්දු යවන්නන්ට ඉතාමත් යෝග්‍ය මෙම තනතිරුවේ ලකුණු 274 ක ඉලක්කය හබා යැම ලෙහෙසි නොවනු ඇති බව විචාරකයන් පවසා සිටි.

Sportzlanka.com ## ICC World Cup 2023 ## News

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *