දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය හෙට මුම්බායි හිදී තරග වදිති.

0
Views: 1

2023 ICC ලෝක කුසලානයේ 23 වන තරඟය සඳහා දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 24 වන දින තරඟ වැදීමට නියමිතය

දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 4 කදී ජයග්‍රහණ තුනක් සමඟ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. දකුණු අප්‍රිකාව ඔවුන්ගේ පෙර තරගය එංගලන්තයට එරෙහිව ලකුණු 229 කින් ජයග්‍රහණය කර චිත්ත ධෛර්යයෙන් ඉහළ මට්ටමක සිටී. තවද, ඔවුන් ඔවුන්ගේ පෙර තරගය ක්‍රීඩා කළේ මෙම ස්ථානයේම බැවින්, ඔවුන්ට මෙම තණනිල්ල ඉතා හුරුපුරුදුය.

මේ අතර බංගලාදේශය මීට පෙර ඉන්දියාවට එරෙහිව පැවැති තරගයෙන් පරාජයට පත්වූ අතර එක් ජයග්‍රහණයක් පමණක් ලබා ගනිමින් ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසුවේ. පසුගිය තරඟ වලදී කණ්ඩායම් දෙකම ඔවුන්ගේ නිත්‍ය නායකයින් නොමැතිව සිටි නමුත් මෙම තරගයේදී ෂකීබ් අල් හසන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහුගේ කණ්ඩායමට නායකත්වය දීමට නැවත පැමිණෙනු ඇත.උණ රෝගයෙන් පෙළෙන නිසා ටෙම්බා බවුමා මෙම තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

වන්කඩේ ක්‍රීඩාංගණයේ තණනිල්ල පිතිකරුවන්ට වාසිදායක වනු ඇති අතර ක්‍රීඩා ලෝලීන්ට ඉහළ ලකුණු ලබා ගැනීමේ තරගයක් අපේක්ෂා කළ හැකිය. පසුගියදා මෙම තණතීරුවේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව ලකුණු 399ක් රැස් කළේය.

හෙට දිනයේදී ක්‍රීඩා කළහැකි බංග්ලාදේශ කණ්ඩායම

ලිටන් දාස්, ටැන්සිඩ් හසන්, නජ්මුල් හොසේන් ශාන්තෝ (නායක ), මෙහීඩි හසන් මිරාස්, තව්හිඩ් හ්රිඩෝයි, මුෂ්ෆිකර් රහීම් (WK ), මහමුදුල්ලා, නසුම් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, හසන් මහමුද්

හෙට දිනයේදී ක්‍රීඩා කළහැකි දකුණු අප්‍රිකානු කණ්ඩායම

ක්වින්ටන් ඩි කොක්(WK ),රීසා හෙන්ඩ්‍රික්ස්, රාසී වැන් ඩර් ඩුසන්,ඒඩන් මාක්‍රම්(නායක ),හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්,මාර්කෝ ජැන්සන්,ජෙරල්ඩ් කෝට්සි,කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා,ලුන්ගි න්ගිඩ්

www.sportzlanka.com#icc world cup 2023#news

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *