ප්‍රබල පකිස්ථානය පරදා ඇෆ්ගනිස්ථානය ජය ලබයි

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 22 වන තරඟය අද (23) චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පකිස්ථානය සමග පැවැත් උනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07කට ලකුණු 282 ක් ලබා ගත්තේය.පකිස්තානය අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58,බබාර් අසාම් ලකුණු 74 ක් ලබා ගත්තා ,ඉෆ්තිකාර් අහමඩ් හා ෂඩාබ් ඛාන් ලකුණු 40 බැගින් ලබා ගනු ලැබුවා.පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන්
නූර් අහමඩ් ලකුණු 49 ට කඩුලු 03,නවීන් උල් හක් ලකුණු 52 ට කඩුලු 02.

ලකුණු 283 ක ඉලක්කයක් හබ යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු යුගලය වූ රහ්මනුල්ලා ගුර්බාස් හා ඊබ්‍රහිම් ෂර්දාන් ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.ප්‍රථම කඩුල්ලට ලකුණු 130 ක සබදතාවක් ලබාදුන් රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 65 කට දැවී ගියා. ඊබ්‍රහිම් ෂර්දාන් ට එකතු වූ රහ්මට් ෂා දෙවන කඩුල්ල සදහා ලකුණු 60ක් එකතු කළා.ඊබ්‍රහිම් ෂර්දාන් ලකුණු 87 කට දැවී ගියා.අනතුරුව පිටියට පැමිණි නායක හෂ්මදුල්ලා ෂාහිඩි ඇෆ්ගනිස්ථානය ජයගරහ්ණය තෙක් රැගෙන ගියාය.රහ්මට් ෂා ලකුණු 77 ,හෂ්මදුල්ලා ෂාහිඩි ලකුණු 48

ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට ගියාය.

Sportzlanka.com## ICC World Cup 2023##

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *