පාකිස්තාන ඇෆ්ගනිස්තාන තරගය ආරම්භ වෙයි

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර 22 වන තරඟය අද (23) චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා

කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ තරඟ 4 න් තරඟ 2 ක් ජයගෙන තරඟ 2 ක් පකිස්ථාන කණ්ඩායම පරාජයට පත්වී තිබෙනවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග 4 කදී 1 එක් ජයක් හා පරාජයන් 3 ක් ලබා සිටියි.අද තරගය පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතා වැදගත් තරගයක් වේ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් කිහිපයක් සමඟ අද තරගයට ක්‍රීඩා කරයි.මොහොමඩ් නවාස් වෙනුවට ෂඩාබ් ඛාන් නැවතත් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් කර තිබේ,ෆරුකි වෙනුවට නූර් අහමඩ් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ඇෆ්ගනිස්තාන පිල මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් 4 දෙනෙකු යොදාගෙන ඇත.

කණ්ඩායමේ විස්තර
පකිස්ථාන කණ්ඩායම: බබාර් අසාම් (නායක), ෂඩාබ් ඛාන්, අබ්දුල්ලා ෂෆීක්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, සවුද් ෂකීල්, ඉෆ්තිකාර් අහමඩ්, හරිස් රාඕබ්, හසන් අලි, ෂහීන් අෆ්රිඩි, උසාමා මිර්
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම: හෂ්මදුල්ලා ෂාහිඩි (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් ෂර්දාන්, ඉක්‍රම් අලිකිල්, රහ්මට් ෂා, මොහොමඩ් නබි, අස්මදුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක්, නූර් අහමඩ්

ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන පකිස්තානය පන්දුවාර 21 ක් අවසානයේදී එක කඩුල්ලක් දැවී ලකුණු 103 ක් ලබාසිටි
නොදැවී ක්‍රීඩා කරන අබ්දුල්ලා ෂෆීක් ලකුණු 53,බබාර් අසාම් ලකුණු 31

Sportzlanka.com## ICC World Cup 2023##

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *