ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ජය

0
Views: 1

ශ්‍රී ලංකා 19න් පහළ සහ පාකිස්තාන 19න් පහළ කණ්ඩායම් අතර පළමු එක්දින තරගය ඊයේ (22) කරච්චි නුවරදී පැවැත්විණි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 58 කින් ජයග්‍රහණය කළේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 309ක් රැස් කළා. මෙහි දී පුලිඳු පෙරේරා ලකුණු 156 (96), රවිශාන් ද සිල්වා 30 (74) සහ ෂාරුජන් සංමුකනාදන් නොදැවී 24 (31) රැස් කළහ. පන්දු යැවීමේදී නවීඩ් අහමඩ් ඛාන් කඩුලු 3ක් ද අරෆට් මින්හාස්, මොහොමඩ් ඉබිදිසම් සහ අහමඩ් හුසේන් කඩුලු 2 බැගින් ද බිඳ දැමූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 45.4කදී සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළා. ශමිල් හොසේන් ලකුණු 98 (120) සහ අරෆත් මින්හාස් 84 (73) රැස් කළහ. පන්දු යැවීමේදී දිනුර කළුපහන කඩුලු 4ක්, කරුග සංකේත් කඩුලු 3ක් සහ රුවිශාන් පෙරේරා කඩුලු 2ක් බිඳ දැමූහ.

Sportzlanka.com##Cricket##News

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *