ඔස්ට්‍රලියාව හා නෙදලන්තය අතර තරගය දිල්ලි හිදී.

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ඔස්ට්‍රලියාව හා නෙදලන්තය අතර දිල්ලි හි අරුන් ජයිට්ල්යි ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වේ.

ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට තරග දෙකක් පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව තරගාවලියේ දුර්වල ආරම්භයක් ලබා ගත්තේය. නමුත් පසුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කරමින් නැවත තරගාවලියට අවතීරණ විය.
නෙදර්ලන්තයට මේ දක්වා තරග 4 කදී ඔවුන්ගේ නමට හිමිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් ලැබූ ජයග්‍රහණය තරගාවලියේ විශේෂත්වයක් විය.
දෙපිල එක්දින තරග දෙකකදී එකිනෙකාට මුහුණ දී ඇත. තරග දෙකේදීම ඔස්ට්‍රලියාව ජයග්‍රහණය කළේය.

දිල්ලියේ තණතීරුව මන්දගාමී ස්වරුපයක් ගනු ඇති අතර දඟ පන්දු යවන්නන් සදහා උචිත වේ.

sportzlanka#crickinfo#WC23#worldcup2023#cricketworldcup2023#AustraliaCricketTeam#NetherlandCricket

.

www.sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *