ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වාර්තාගත ජයක්

0
Views: 1

ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් නෙදර්ලන්තය පරදවා 2023 ICC ලෝක කුසලානයේ තෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය.

ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරඟය අද (25.10) දිල්ලි හි අරුන් ජයිටලී ක්‍රීඩාංගනයේදී පැවැත් උන. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කදුළු 08ක් දැවී ලකුණු 399 ක් ලබා ගත්තා.එය මෙවර තරගාවලියේ ලබාගත් දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයයි. ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල කඩිනමින් දැවී ගියේය. ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ශතක සීමාව පසුකර ගියහ. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 138ක සබඳතාවක් ගොඩනැගූහ. ස්ටීවන් ස්මිත්ගේ දැවී යාමත් සමග ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුස්චේන් යුගලය ලකුණු 84ක සබඳතාවක් ගොඩනැගූහ.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වෝනර් සිය 22 වැනි ශතකය සහ මෙවර ලෝක කුසලානයේ දෙවැනි ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය.නෙදර්ලන්ත පිල අවසන් ඕවරවලදී හොඳින් පන්දු යවමින් කඩුලු දවාගත්තද විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන් ලකුණු සංඛ්‍යාව පාලනය කළද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවමින් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 40කදී සිය තෙවැනි ශතකය [ලකුණු 106] සම්පූර්ණ කළේය.එය නව තරග වර්තවක් ද විය.ඒඩ්න් මාක්‍රම් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පන්දු 49කදී වාර්තා කළ ශතක වාර්තාව බිඳ හෙළීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලෝගන් වන් පීක් කදුළු 04ක් බිද දැමුවා.

ලකුණ 400 ක දැවැන්ත ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ කිසිම පිතිකරුවෙකුට පිටියේ සාර්ථක වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.පන්දු වාර 21 අවසානයේදී ලකුණු 90 කට සියලු දෙන දවාගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම වාර්තාගත ජයක් ලබාගත්තා.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වික්රම්ජිත් සිං ලකුණු 25,පන්දු යැවීමේදී ඇඩම් සම්පා කදුළු 04 ක් දවගත්තා

sportzlanka #crickinfo #WC23 #worldcup2023 #cricketworldcup2023 #australiacricket #netherlandcricket

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *