හිරු නොබසින අධිරාජ්‍ය සමග සිංහයන්ගේ සටන බැංගලෝර් හිදී.

0
Views: 0

2023 ICC ලෝක කුසලානයේ 25 වැනි තරගය සඳහා එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ ඔක්තෝබර් 26 වන දින බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

ගියවර ලෝකශුරයන් වූ එංගලන්තය මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැඩි ලෙස පසුබෑමකට ලක්වී තරඟ 4 කදී එක් ජයග්‍රහණයක් පමණක් ලබා ගනිමින් ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවනවා. ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මෙම තරඟාවලියේ ඔවුන්ගේ ඉහළම කඩුලු ලාභියා වූ රීස් ටොප්ලි අහිමි වීමත් සමඟ එංගලන්ත කණ්ඩායමට දැඩි පහරක් එල්ල විය.ටොප්ලි වෙනුවට බ්‍රයිඩන් කාර්ස් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රිඩා කරනු ඇත.

අනෙක් අතට, ශ්‍රී ලංකාව ද මෙම තරගාවලියේ දුර්වල තත්වයක් පෙන්නුම් කරමින් සිටින්නේය . ඔවුන් දල ලකුණු ලබාගැනීමේ සටහනේ අටවැනි ස්ථානයේ පසුවන බැවිනි. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට මතිෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.

ලෝක කුසලාන තරගවල කණ්ඩායම් දෙක අවස්ථා 11කදී එකිනෙකාට එරෙහිව තරග වැදී ඇත. එංගලන්තය තරග 6ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව අවස්ථා 5කදී ජයග්‍රහණය කිරීමට සමත් විය.

විචාරකයන් පවසන පරිදි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ මතුපිට පිතිකරුවන්ට ඉතාමත් වාසිදායක වනු ඇත. පන්දුව පිත්තට හොඳින් පැමිණේ. කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බලාපොරොත්තු විය යුතුය.

sportzlanka #crickinfo #WC23 #worldcup2023 #cricketworldcup2023 #englandcricket #srilankacricket

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *