ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්

0
Views: 1

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන් අසරණ කළේය.. ආරම්භක සබඳතාවයට ලකුණු 45ක් ලබා දුන්නද කඩුලු කඩිනමින් බිඳ වැටුණි. මෙම තරගයට අලුතින් එකතු වූ ලහිරු කුමාර සහ ඇන්ජලෝ මැතිව්ස් හොඳින් පන්දු යවමින් කඩුලු දවා ගත්හ.මෙම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 156කට දැවී ගියා බෙන් ස්ටෝක්ස් සහ මොඉන් අලී හයවැනි කඩුල්ලට හොද සබඳතාවයක් ගොඩනැගූවද මැතිව්ස් ගේ පන්දු යැවීම හමුවේ එය අසාර්ථක විය. ඉන් අනතුරුව පිට පිට කඩුලු බිඳ වැටිණි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් වැඩිම ලකුණු රැස් කළා.
පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු දවා 03 ක් ගැනීමට ලහිරු කුමාර සමත් විය. අංජලෝ මැතිව්ස් ඉතා හොඳින් පන්දු යවමින් සිය නැවත පැමිණීම පෙන්නුම් කර තිබෙනවා.

මෙම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 156කට දැවී ගියා ලකුණු 157 ක ඉලක්කය හබ ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 25.4කදී කඩුලු 02ක් දැවී ලකුණු 160ක ලබා තරගය ජයග්‍රහණය කාලය.
මුල් කඩුලු 2 ඉතා කෙටි කාල පරතරයකින් දැවී ගියද පැතුම් නිස්සංක හොඳ ආරම්භයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්රහණය පහසු කළේය. සදීර සමරවික්‍රම සහ නිස්සංක අතරේ ශතක සබඳතාව බෙදී ගියහ. ඔවුන් දෙදෙනාම අර් ධ ශතක ද සම්පූර්ණ කළහ.
කණ්ඩායම් දෙකම තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ජයග්‍රහණය වාර් තා කර ඇත. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට යාමට අපේක්ෂාවෙන් සිටි එංගලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. එංගලන්ත කණ්ඩායම 9 වැනි ස්ථානය දක්වා පසුපසට ගොස් ඇත.

#sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *