ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට තවත් පරාජයක්

0
Views: 0

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන්ස් කුසලාන සය සාමාජික නෙට්බොල් තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයෙ තෙවන පරාජයට මුහුණ දුන්නා.ඒ පැපුවා නිව්ගිනියා කණ්ඩායම හමුවේ ලකුණු 67 – 51 ලෙසයි.එහිදී මුල් කාර්තුව ලකුණු 13 – 11 ක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණත් ඉන් අනතුරුව ක්‍රමයෙන් තරගය සිය පාලනයට ගන්නට පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමත් වුණා.
තරගයේ දෙවන භාගයේදී දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම සිය රිද්මයට ශ්‍රී ලංකාව අවනත කර ගනිමින් ලකුණු 18 – 14 ක් ලෙස ඉදිරියට ඇදෙමින් තරගයේ දෙවන භාගය නිමාවන විට ලකුණු 29 – 27 ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වුණා.

තරගයේ තෙවන භාගයේදී මෑත කාලයේ වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමේ අනන්‍යතාවයක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකු සූරතාවයේදී පවා විශිෂ්ඨ කණ්ඩායම් හමුවේ ඒ බව ප්‍රදර්ශනය කළත් ඊයේ ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට අහිමි කරන්නට පැපුවා නිව් ගිනියා ක්‍රිඩිකාවන්ට හැකි වුණා.එම වටය ඔවුන් ජය ගත්තේ 16 – 09 ක් ලෙසයි.අවසාන වටයේදී වඩාත් වේගයක් තරගයට මුසු කරන්නට පැපුබවා නිව්ගිනියා කණ්ඩායම සමත් වුණා.ඒ අනුව එම වටයේ ලකුණු තත්ත්වය ලකුණු 22 – 15 ක් ලෙස සටහන් වුණා.

අද ශ්‍රී ලංකාව හා සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අතර තරගය පැවැත්වේ.

#sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *