සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙල නිමා කරන්නට පැවත්වෙන මලල ක්‍රීඩා ඉසව්වල තෙවන දිනය නිමාවන විට නව පාසල් වාර්තා හතක් අලුත් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

0
Views: 0

තෙවන දිනයේ එකතු වූ නව වාර්තා අතර කැපී පෙණුනම සිදුවීම වූයේ යොවුන් ආසියාතික තරගාවලියේ රිදි පදක්කම් ලාභි තුෂේන් ද සිල්වා රිටි පැනීමේ ඉසව්වෙන් තැබූ වාර්තාවය.එම ආසියානු පදක්කම සමඟ ද ඊට පෙර සිට ද වාර්තා අලුත් නොකරන පිමි නො’පනින තුෂේන් ඊයේ නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 4.90 දක්වා ඉදිරි උසකට රැඟෙන යන්නට සමත් විය.
තෙවන දිනයේ වෙනස් වූ නව වාර්තා අතරට යගුලිය දැමීමේදී අවුරුදු 14 න් පහළ බාලක ඉසව්ව ජයගත් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ දොන් මයෝන් චිරාත්ගේ නම ද එක් විය.ඔහු මීටර් 15.13 ක දක්ෂතාවයක් දැක්වීය.හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ අවුරුදු 20 න් පහළ බාලක කණ්ඩායම මීටර් 100 සහය දීවීමේ වාර්තාව තමන් සතු කර ගත්තේ තත්පර 41.62 ක දක්ෂතාවයක් දක්වමින්ය.
දුර පැනීමෙන් නව වාර්තාවක් තබා සිටි වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිල්නි නෙත්සලා රාජපක්ෂ තෙවන දිනයේ යළිත් සිය නම වාර්තා පොත් අතර රැදෙව්වේ අවුරුදු 14 න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන්ය.ඇය මිටර් 1.55 ක දක්ෂතාවයක් දැක් වූවාය.ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඊයේ වන විට වාර්තා යුගලයක හිමිකාරීත්වය දරන්නියක් තවත් බිහි විය.ඒ අවුරුදු 16 න් පහළ මීටර් 100 ජයගෙන සිටි ධනංජනා ප්‍රනාන්දු ය.ඇය තෙවන දිනයේ දී මීටර් 200 ඉසව්වද වාර්තාවක් සමඟින් නිම කළාය.කාලය තත්පර 25.44 කි.

එසේම බාලිකා අංශයේ වත්තල ලයිසියම් දක්ෂතා තව දුරටත් කැපී පෙණුනේ මීටර් 100 අවුරුදු 18 න් පහළ සහය දීවීමේ තරගයේදී ය.ඔවුන් එම ඉසව්ව තත්පර 49.08 න් ජය ගෙන නව උළෙල වාර්තාවකට හිමිකම් කීවාය.මොණරාගල නාන්නපුරාව විද්‍යාලයේ නෙත්මිකා මධුශානි දැක් වූ මීටර් 6.22 විශිෂ්ඨ දක්ෂතාවය කැපී පෙණින.ඇය අවුරුදු 20 න් පහළ දුර පැනීමේ වාර්තාව තමන් සතු කර ගත්තේ ජාතික මට්ටමේ ද පහසුවෙන් ස්ථානයක් හිමිවන දුරක් පනිමින්ය.

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *