නේෂන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අද සිංගප්පූරුව හා තරග වදී.

0
Views: 2

වත්මන් ආසියානු දැල්පන්දු ශූර ශ්‍රී ලංකාව සහ අනුශූර සිංගප්පූරුව අද (27), 2023 Nations Cup ආරාධිත තරඟාවලියේ රවුන්ඩ් රොබින් අදියරේදී තරඟ වැදීමට නියමිතයි.
2023 Nations Cup නෙට්බෝල් තරඟාවලිය සිංගප්පූරුවේදී මේ දිනවල පැවැත්වේ .

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වූ තරග හතරෙන් තුනක්ම පරාජයට පත්වූ අතර ඔවුන්ගේ එකම ජයග්‍රහණය වී ඇත්තේ කුක් දූපත් පිලට එරෙහිවය.
ඔවුන් කැනඩාවට (50-46), සිංගප්පූරුව ‘ඒ’ (62-51) සහ පැපුවා නිව්ගිනියා (67-51) හමුවේ පරාජය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව කුක් අයිලන්ඩ්ස් පිල ලකුණු 63-52කින් පරාජය කළේය.
මේ අතර සිංගප්පූරුව තරග 4 න් තුනක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ පැපුවා නිව්ගිනියාවට පමණි. පැපුවා නිව්ගිනියාව සහබාගි වූ තරග හතරම ජයගෙන අපරාජිතව සිටී.
ශ්‍රී ලංකාව අද තරගය පරාජය වුවහොත් ඔවුන් අවසන් පූර්ව වටයෙන් ඉවතට යනු ඇත.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights