2023 අවුරුදු 12 පහල ලෝක චෙස් ශුරිය ශ්‍රී ලංකාවෙන්

0
Views: 0

ලෝක ශිෂ්‍ය චෙස් ශූරතාවලිය 2023 චෙස් ශූරතාවලියේ ජයග්‍රාහකයින් අද කිරුළු පැළඳිය.

ලෝක ශිෂ්‍ය චෙස් ශූරතාවලිය 2023 ඔක්තෝම්බර් 16 සිට 26 දක්වා ඊජිප්තුවෙහි ,ෂර්ම් එල් ෂෙයික්, ජාත්‍යන්තර යෞවන හා ක්‍රීඩා නගරයේ දී පැවැත්විණි. කාණ්ඩ හයක් යටතේ (විවෘත වයස අවුරුදු 8 න් පහළ, බාලිකා විවෘත 10 න් පහළ, බාලිකා 10 න් පහළ, විවෘත 12 න් පහළ සහ බාලිකා 12 න් පහළ) කාණ්ඩ හයක් යටතේ පැවැති තරගාවලිය අදින් අවසන් විය.
විවිධ රටවල ජාතික සම්මේලන 66ක් නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩකයින් 502ක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියට සහබාගි වූ දේවින්ද්‍යා ගුණවර්ධන (ශ්‍රී ලංකාව) සහ ඩයනා ප්‍රෙබ්‍රජන්ස්කායා (FIDE) දෙදෙනා අතර 12 න් පහළ බාලිකා අංශයේ පළමු ස්ථානය සම වූ අතර, ඔවුන් දෙදෙනාම ජයග්‍රාහකයා ලෙස රන් පදක්කමට හිමිකම් කීහ.

වයස අවුරුදු 10න් පහළ බාලිකා තරගාවලියේදී චීනයේ Xue Tianhao විශිෂ්ට දස්කම් දැක්වීමක් (10.5/11) තවත් වටයක් ඉතිරිව තිබියදීම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

SPORTZLANKA.COM

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *