4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී තවත් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න සමත් විය.

0
Views: 0

චීනයේ පැවැත්වෙන 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 T63 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් සමත් විය.ඔහු එම ඉසව්ව අවසන් කිරීමට තත්පර 12.98ක කාලයක් ගත කළේය.

සත්කාරක රට වන චීනය රන් පදක්කම් 181ක් ඇතුළුව සමස්ත පදක්කම් 450ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ඉරානය සහ ජපානය පසුවෙයි.
මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට රන් 2ක්, රිදී 3ක් සහ ලෝකඩ 2ක් ඇතුළුව සමස්ත පදක්කම් 7ක් ලබා 18 වැනි ස්ථානයේ පසුවෙයි.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *