නැගීඑන ශ්‍රී ලංකා ,බංග්ලාදේශ ක්‍රිකට් තරගය විසඳුමක් නෑතුව ආසන වෙයි.

0
Views: 1

සංචාරක බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) නිමා වූ පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් ලබා ගත්තා. ඔවුන් තරගයේ පළමු දිනය අවසන් කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින්.

කඩුලු දවා ගැනීමේ දී ඒශාන් මාලිංග ලකුණු 106කට කඩුලු 5ක් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මුල් කඩුලු 2ක් ලකුණු 19කට දැවී යනවා.තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක සබඳතාවක් එක් කිරීමට නවෝද් පරණවිතාන සහ නායක සොනාල් දිනූෂ සමත් වුනා. නවෝද් පරණවිතාන පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත් අතර සොනාල් දිනූෂ පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා.
තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබා සිටි අතර ඔවුන් තරගයේ සිව්වැනි සහ අවසන් දිනයේ දී නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායමට

ඔවුන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් පමණයි.ශෂික දුල්ශාන් සහ කල්හාර සේනාරත්න කඩුලු 4 බැගින් දවා ගන්නවා.ජයග්‍රහණ සඳහා ලකුණු 351ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ඔවුන් තරගය අවසන් වෙද්දී ලබා ගන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 69ක් පමණයි.

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් උනා.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් සිව්දින තරගය නොවැම්බර් මස 01 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *