වාර් තා රැසක් සමගින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙළ 2023 අවසන් වේ.

0
Views: 1

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ සිකුරාදා විස්මිත දස්කමක් ඉදිරිපත් කළේය. ඔහු නව ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් පිහිටුවමින් පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් තත්පර 51.10 කින් තම පුද්ගලික හොඳම කාලය ලබා ගත්තේය.

වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයෙන් තරග වැදී අයෝමාල්, තත්පර 52.22ක කාලයක් වාර් තා කරමින් සිය කඩඉම ජය ගනිමින් පෙරේදා නව තරග වාර්තාවක් පිහිටුවා තිබුණි. අවසන් දිනයේ දී ඔහු තත්පර 51.10 ක කාලයක් වාර් තා කර සිය පැරණි වාර්තාව බිඳ දැමූ අතර, මේ වසරේ අගෝස්තු මාසයේදී ආසියානු 18 න් පහළ ශූරතාවලියේදී ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 51.39 කින් ඔහුගේ හොඳම පුද්ගලික වාර් තාවද බිද දැමීය.

අවසන් දිනයේ සහය දිවීමේ ඉසව්වලින් නව තරග වාර් තා හතරක් පිහිට වූ වූ අතර, දින පහක තරගය තුළදී පිහිටුවන ලද නව තරග වාර් තා ගණන 23 දක්වා ඉහල යන ලදී.

සමස්ත ශ්‍රේණිගත කිරීම්වල දී ලකුණු 160ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත බාලිකා ශූරතාව හිමිකරගත් අතර එහි අනුශූරතාව ලකුණු 149ක් ලබාගත් වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවිය. අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 63ක් ලබාගත් තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.

සමස්ත බාලක ශූරතාවලියේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ලකුණු 90ක් ලබා ප්‍රථම ස්ථානයත්, ලකුණු 84ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අනුශූරතාවත්, ප්‍රසාද ලකුණු 75ක් ලබාගත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඇය වයස අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්ව ජය ගත්තේ තත්පර 53.21ක නව තරග වාර්තාවක් සමඟිනි .

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ මලිත් යසිරු අවුරුදු 20න් පහළ තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 15.93ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීය. ඔහුගේ විශිෂ්ට දස්කම් නිසා ලකුණු 1050ක් ලබා ගනිමින් ඔහු ක්‍රීඩා උළෙලේ හොඳම පිරිමි මලල ක්‍රීඩකයා ලෙස තේරී පත් විය.

සමස්ත ශූරතාව සඳහා වූ සටනේදී බස්නාහිර පළාත ලකුණු 1,224.5 ක් ලබා ජයග්‍රාහකයා ලෙසත්, මධ්‍යම පළාත ලකුණු 556 ක් ලබා අනුශූරතාවත්, තෙවැනි ස්ථානය ලකුණු 339 ක් ලබා ගත් දකුණු පළාතටත් හිමි විය.

SPORTZLANKA.COM

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *