ICC ලෝක කුසලානය 2023 ඉන්දියාව හා එංගලන්තය අද ලක්නව් හිදී සටනට

0
Views: 3

ඉන්දියාව සිය ජයග්‍රාහී ගමන දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන අතර එංගලන්තය තරඟ 6 කදී දෙවන ජයග්‍රහණය දෙස සිය අවදානය යොමුකරනු ඇතෙයි වාර් තා වේ . ඉන්දියාව තරග 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර එංගලන්තය ප්‍රසාද ලකුණු 2ක් ලබා අවසන් ස්ථානයේ පසුවෙයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ට පසුගිය තරගයේදී ලකුණු 5කින් සිය ශතකය මගහැරී ගියේය.බොහෝදුරට ඔහු අද ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ ශතක වාර්තා සම කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනු ඇති බව වාර් තා වේ .

ඉන්දියාව එක්දින තරඟ 106 කදී එංගලන්තයට මුහුණ දී ඇති අතර එහිදී ඉන්දියාව තරඟ 57 ක් සහ එංගලන්තය 44 ක් ජයගෙන ඇති අතර තරඟ 2 ක් සම වී තරඟ 3 ක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් විය.ලෝක කුසලාන තරගාවලිවලදී ඉන්දියාව 8 වතාවක් එංගලන්තයට මුහුණ දී තරග 3ක් ජයගත් අතර එංගලන්තය 4ක් ජය ගත්තේය. එක් තරගයක් සම තත්ත්වයකින් අවසන් විය.
ඒකනා ක්‍රිකට් ක්‍රීඩාංගණය පිතිකරණයට හිතකර තණතීරුවක් ලෙස ප්‍රසිද්ධය. එබැවින් කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිය යුතුය.

SPORTZLANKA.COM

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *