ශ්‍රී ලංකාව ලකුණු 241කට සීමා කිරීමට ඇෆ්ගනිස්තානය ශක්තිමත් පන්දු යැවීම සමත් වෙයි.

0
Views: 3

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (30) පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 241කට සීමා වුනා.
මේ දක්වා කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයග්‍රහණය කර ඇති බැවින් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය දෙපිලටම ඉතාම වැදගත් වේ .
අද තරගය සදහා ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සහ කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබුණා.
දිමුත් කරුණාරත්නට වැඩි වෙලා කඩුල්ලේ රැදි සිටීමට ඇෆ්ගනිස්ටන පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත .ලකුණු 15 කට ඔහු දැවී හියහ.
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිට වූ අතර ලකුණු 46ක් ලබා සිටි පැතුම් අවාසනාවන්ත ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 84ක් වන විටයි
ශ්‍රී ලංකා පසුපෙළ ශක්තිමත් කරමින් මහීෂ් තීක්ෂණ අගනා ලකුණු 29ක් රැස් කිරීමට සමත් වූ අතර මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 23ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 49.3 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 241ක් රැස් කළේ ඇෆ්ගනිස්තානයට ලකුණු 242ක ඉලක්කයක් ලබා දෙමිනුයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානය පන්දුවාර 32 ක් අවසානයේදී කඩුලු 03 ක් දැවී ලකුණු 145 ක් ලබා ප්‍රබල ස්ථානයක සිටි.

SPORTZLANKA.COM

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *