ශුරයන්ගේ කුසලානයට කණ්ඩායම් තෝරා ගනී

0
Views: 1

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සමඟ පාකිස්තානය, 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත බව ICC විසින් තහවුරු කර තිබෙනවා. තරගාවලිය 2025 වසරේදී පකිස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2024 – 31 ක්‍රිකට් තරග සමය පිළිබඳ සැලසුම් සකස් කළ 2021 වසරේ දී මෙම තෝරා ගැනීමේ පටිපාටිය තහවුරු කර ගත් බව ESPN වෙබ් අඩවියට තහවුරු කර තිබුණා.

මේ වන විට 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ 9 සහ 10 වැනි ස්ථානවල පිළිවෙළින් බංග්ලාදේශය සහ එංගලන්තය රැඳී සිටිනවා. නමුත් 2025 ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ රටවල් අටකට පමණයි. ඉන් එක් රටක් ලෙස සත්කාරක පාකිස්තානය දැනටමත් තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර තවත් කණ්ඩායම් හතකට තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගත හැකිය .

ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් අහිමි වුන බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට 2025 ශූරයින්ගේ කුසලානය ද දැනටමත් අහිමි වී ගොස් අවසන්.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී ICC විසින් මීළඟ තරග සමය (2024 – 31) සඳහා තරගාවලි කාලසටහන ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 2025 සහ 2029 වර්ෂවල දී ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

SPORTZLANKA.COM

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *