සිවුවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට කඩුලු 03 ක ජයක්

0
Views: 2

ශ්‍රී ලංකා අවු 19 න් පහල කණ්ඩායම හා පකිස්ථාන අවු 19 න් පහල කණ්ඩායම අතර පැවතී සිව් වැනි එක්දින තරගයෙන් කඩුලු 03 ක ජයක් ලබා ගනිමින් තරගාවලිය 2 – 2 ලෙස සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙති.තරගාවලිය කරච්චි ක්‍රීඩාපිටියේදී පැවැත්වේ..

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ලෙස පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළේය. තරුපතිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාකිස්තානය ඕවර 43.1කදී ලකුණු 186කට දැවී ගිය අතර, ඔහු ලකුණු 17කට කඩුලු 4ක් දවාගනිමින් දක්ෂතා අතරට පැමිණි අතර, එය පකිස්ථානය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට උපකාර විය. ඔහුට සහය වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක රුවිෂාන් පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය.

ෂාසායිබ් ඛාන් පකිස්තානයේ U19 කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් අතර, හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළුව පන්දු 111කින් ලකුණු 80ක් ලබා ගත්තේය. නායක සාද් බේග් පන්දු 53කින් ලකුණු 45ක් ලබා ගත් අතර එයට හතරේ පහර 3ක් ද එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙහි ලකුණු හඹා යාමේ ආරම්භය අසාර්ථක වුවද, දිනුර කළුපහන (61, 77b, 5×4, 1×6) සහ රුසඳ ගමගේ (46, 62b, 2×4) ගේ ශක්තිමත් පහරවල් හේතුවෙන් ඕවර 40.4කදී කඩුලු 7ක් දැවී එම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. පන්දු යැවීමේදී අෆ්තාබ් අහමඩ් කඩුලු 03 ක් ද උබයිඩ් ෂා කදුළු 02 ක් දව ගත්හ.

පස්වැනි එක්දින තරගය ඔක්තෝබර් 31 වැනිදා එම පිටියේදීම පැවැත්වීමට නියමිතය.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *