අන්තර් පාසල් 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

0
Views: 4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන අන්තර් පාසල් 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද [ 31]වැනිදා කඳාන ද මැසනොද් විද්‍යාලයේදී පවත් වේ.
මේ සදහා අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනආ විසින් දරනු ලැබේ . අවසන් සටනේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල හා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඔක්තෝබර් 31 වැනිදා කඳාන ද මැසනොද් විද්‍යාලයේදී පැවැත්වෙන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අවුරුදු 17න් පහළ කණ්ඩායම , හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.
මෙම තරගාවලිය සදහා පාසල් ක්‍රිකට් කණ්ඩායම් 350ක් පමණ සහබාගි විය.

අවසන් පූර්ව තරගයේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය නාමඩගස්වැව මහා විද්‍යාලය පරාජය කළ අතර හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය කුරුණෑගල මලියදේව විද්‍යාලය (බී කණ්ඩායම ) පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය ප්‍රවිශ්ක නදීන් විසින් මෙහෙයවනු ලබන අතර හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය කවීෂ සඳරුවන් විසින් මෙහෙයවනු ලබයි.

SPORTZLANKA.COM

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *