ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්

0
Views: 5

අවසන් පුරව වටයට යාමට තිබු බලාපොරොතතු කඩ කරමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවතී තීරණාත්මක තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තානයට හැකි වුනා.

242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංකට හැකි වූවත් දෙවැනි කඩුල්ල සඳහා Ibrahim Zadran සහ Rahmat Shah එක්ව ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

සර් ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ ලකුණු 39ක් ලබා සිටි Ibrahim Zadran ලකුණු 39ට ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වූවත් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කට මුහුණ දෙමින් ලකුණු 62ක් රැස් කළේ තරගයේ වැඩි ගෞරව ඇෆ්ගනිස්තානයට ගෙන දෙමිනුයි.

නායකත්වය කරට ගෙන සිය සැලසුම් වලට අනුව අගනා ඉනිම් ක්‍රීඩා කරමින් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi සහ Azmatullah Omarzai වාර් තා කල අර්ධ ශතක සමඟ පන්දුවාර 45.2ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළා.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 111ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ ගොඩනැගුවා.

sportzlanka.com

Views: 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights