පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි සිය තනතුරෙන් ඉල්ලා අස්වේ.

1
Views: 9

ඉන්සමාම්-උල්-හක් ජාතික කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ පාකිස්ථාන කණ්ඩායම තුළ යම් කිසි මතබේදාත්මක තත්වයක් පවතී. ඉන්සමාම් ඉල්ලා අස්වීමට හේතුව වුයේ , ලෝක කුසලාන සංචිතය තේරීමේ ක්‍රියාවලිය පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත විඉමය.

PCB සඳුදා ප්‍රකාශ කළේ මෙම කරුණු විමර්ශනය කිරීමට මණ්ඩලයක් පිහිටුවා ඇති බවත්, ඉන් පසුව පකිස්ථාන හිටපු නායකයෙකු වන ඉන්සමාම් කියා සිටියේ පරීක්ෂණයෙන් තමන් වැරදිකරුවෙක් වුවහොත් ඉවත් වීමට තමා කැමති බවයි.

ඉන්සමාම්ගේ ඉල්ලා අස්වීම පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මගින් තහවුරු කළේ හිටපු නායකයාගේ තීරණය අගය කරන බවයි. “මෙම පරීක්ෂණය අතරතුර ස්වේච්ඡාවෙන් ඉවත් වීමට ඉන්සමාම් ගත් තීරණයපකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අගය කරයි සහ පිළිගනී,” පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති අතර ඉවත්ව යන ප්‍රධාන තේරීම් කමිටුවරයාගේ අදහස් දැක්වීමක් ද මාධ්‍ය වෙත ලබා දුන්නේය.”මා ධූරයෙන් ඉවත් වන්නේ, මාධ්‍ය තුළ මා සම්බන්දයෙන් ඇති වූ ගැටුම් චෝදනා සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමට PCB වෙත අවස්ථාව ලබා දීම සඳහාය. කමිටුව මා වැරදිකරුවෙකු නොවන බව තීරණය කළහොත්, මම ප්‍රධාන තේරීම් කමිටුවරයා ලෙස මගේ භූමිකාව නැවත ආරම්භ කරමි,” ඉන්සමාම් මාඝ්යට පවසා තිබුනා .

SPORTZLANKA.COM

Views: 9

1 thought on “පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි සිය තනතුරෙන් ඉල්ලා අස්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights