බංග්ලාදේශය පරදා පකිස්ථානය ජය ගනී.

0
Views: 11

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අද (31.10) කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7ක ජයක් වාර්තා කළේය. මෙම පරාජයත් සමග බංග්ලාදේශයට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

අද තරගයට කණ්ඩායම් දෙකම වෙනස්කම් කිහිපයක් සමගින් ක්‍රීඩා කලා.ෂතාබ් ඛාන් වෙනුවට මොහොමඩ් වසීම් ද, ඉමාම් උල් හක් වෙනුවට බකාර් සමාන් ද, මොහොමඩ් නවාස් වෙනුවට ආගා සල්මාන් ද කැඳවා තිබේ. බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළේ ආදේශන 2ක් සමඟින්. Nasum Ahmed වෙනුවට Taskin Ahmed සහ Hasan Mahamut වෙනුවට Tauhid Ridho කැඳවා ඇත.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඕවර 45.1කදී සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළේය.

බංගලාදේශ කණ්ඩායම අද දිනයේ පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක් සිදුකළත් ඔවුන්ට ලකුණු සංඛ්‍යාව වැඩි කර ගැනීමට නොහැකි වුණා. පිට පිට කඩුලු දැවී යද්දී කණ්ඩායම ආරම්භයේ සිටම ගොඩ ගැනීමට ලිටන් දාස් සහ මහමදුල්ලා සමත් වූහ. ඔවුන් දෙදෙනා ලකුණු 79ක් සම්බන්දතාවයක් ගොඩ නැගුවද ඉන් පසු කඩුලු නැවත නැවතත් බිඳ වැටිණි.මහමදුල්ලා ලකුණු 56 ක් හා ලිටන් දාස් ලකුණු 45,සකිබ් අල් හසන් ලකුණු 43යි.
ෂකීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. පකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ දී සියලුම පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා.
පිළිතුරු ඉනිම ආරම්භ කල පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ශතක සීමාව පසුකර ගියේය. දෙදෙනාම ලකුණු 128ක සබඳතාවක් ගොඩනැගූ අතර දෙදෙනාම අර්ධ ශතක සම්පූර්ණ කළහ.මෙහෙදි හසන් මිරාසු හොඳින් පන්දු යවමින් පළමු පෙළ කඩුලු දවා ගනිමින් පාකිස්තානු පිලේ ක්‍රියා කලාපය පාලනය කළේය.

පකිස්ථානය වෙනුවෙන් ෆාකර් සමාම් ලකුණු 81 ක්ද , අබ්දුල්ල ශෆික් ලකුණු 68 ක් ද ලබා ගත්හ.

SPORTZLANKA.COM

Views: 11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights