ලයනල් මෙසී නැවතත් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වේ

0
Views: 5

පසුගිය දෙසැම්බරයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව තම රටට ගෙනයාමට උර දුන් ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන මෙසී, පසුගිය සඳුදා [30]අටවන වරටත් Ballon d’Or සම්මානයෙන් පිදුම් ලැබුවේය,

කටාර් හි පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රංශය අභිබවා ආර්ජන්ටිනාව ජයග්‍රහණය සදහා මෙහෙයවූ විට, ඔහුගේ දක්ෂ පාපන්දු ක්‍රීඩාවේ වැඩි කාලයක් ඔහුට මග හැරුණු ශූරතාව දිනාගත් මෙසී, ඔහුගේ ලෝක කුසලාන ඔටුනු ජයග්‍රහණයෙන් පසුව නැවතත් සම්මානය දිනා ගත් අවස්ථාව මෙය විය.

මෙසී MLS සමාජයට බඳවා ගැනීමට ප්‍රධාන වූ Inter Miami කණ්ඩායමේ සම හිමිකරු වන David Beckham විසින් Messi හට මෙම සම්මානය පිරිනමන ලදී.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව මෙසී මෙසේ පැවසුවේය ‘ ලෝක කුසලානය දිනා ගැනීමට සහ මගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වීම ඇත්තටම සතුටක් වගේම මෙම සම්මානය ලැබීම මගේ හීනයක් සබැ වීමක් ‘

මෙසී මෙම සම්මානය සඳහා තරග කල Manchester City හි Erling Haaland සහ ප්‍රංශ තරුව සහ හිටපු Paris Saint-Germain කණ්ඩායමේ Kylian Mbappe අභිබවා ගියේය.

මෙසී Ballon d’Or සම්මානය,2009, 2011, 2012, 2013, 2016, 2019, 2021 සහ 2023 වසරවලදී Ballon d’Or සම්මානය දිනාගෙන ඇත.

Views: 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights