2034 පාපන්දු ලෝක කුසලානහි සත්කාරකත්වය සෞදි අරාබියට.

0
Views: 4

2034 පාපන්දු ලෝක කුසලානහි සත්කාරකත්වය සදහා ඕස්ට්‍රේලියාව ලංසු ඉදිරිපත් නොකිරීමට තීරණය කිරීමෙන් හේතුවෙන් සත්කාරකත්වය සෞදි අරාබියට ලබා දී ඇත.ඕස්ට්‍රේලියාව සිය තීරණය තහවුරු කරන ලද්දේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය [FIFA ] කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවසාන දිනයට පැය කිහිපයකට පෙරය

ඕස්ට්‍රේලියාවේ පාපන්දු පාලක මණ්ඩලය පවසන්නේ 2026 දී[ AFC] කාන්තා ආසියානු කුසලානය සහ 2029 දී ක්ලබ් ලෝක කුසලානය පැවැත්වීම කෙරෙහි තමන් වැඩි අවදානයක් යොමු කිරීමට අදහස් කරන බවයි.

2026 පාපන්දු ලෝක කුසලානය එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාවේදී පැවැත්වේ.

මොරොක්කෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය 2030 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට සත්කාරකත්වය සපයන අතර තරඟ ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවලද පැවැත්වේ.

sportzlanka.com

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights