එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 7 වැනි තරගය හෙට.

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හෙට (02) Mumbai හී Wankhede ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සවස මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට සහභාගී වුනා.

ලෝක කුසලානයේ මේ දක්වා තරග 6ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර ඔවුන් මෙම තරගය සඳහා එක් වෙද්දී ඉන්දියාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ අපරාජිතයන් වෙමින් දෙවැනි ස්ථානයේත්, තරග 2ක් ජයග්‍රහණය කළ සහ තරග 4ක් පරාජය වූ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත් සිටිනවා.

දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුවයි. එම තරගය පන්දු 129කට පමණක් සීමා වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දු 92කට සීමා වූ අතර ඔවුන් ලබා ගත්තේ ලකුණු 50ක් පමණයි.

කෙසේ වෙතත් දෙරට එක්දින තරග ඉතිහාසයේ මේ දක්වා තරග 167ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 98ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රි ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 57ක් පමණයි. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර තරග 11ක් නොවිසඳුණ තරග සේ එක් ව තිබෙනවා.

හෙට පැවැත්වෙන තරගය සදහා ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා.ඔහු මේ දක්වා සහබාගි වූ තරග වලදී කැපී පෙනෙන සාර්ථකත්වයක් දක්වා නොමැත.ධනංජයගේ පිතිකරණ ස්ථානය වූ අංක හයේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරනු ඇති බවත්, මැතිව්ස් ක්‍රීඩා කළ අංක හත පිතිකරණ ස්ථානය දුනිත් වෙල්ලාලගේ හෝ දුශාන් හේමන්ත ක්‍රීඩා කරනු ඇති බවත් වාර් තා වේ.

ආබදයකට ලක්වූ සදීර සමරවික්‍රම හෙට තරගයට ඔහු බොහෝ දුරට සහභාගී වනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඉන්දියාව තම කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් කර ගනු ඇතැයි විශ්වාස කළ හැකියි.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *