ඩේවිඩ් විලී ජාත්‍යන්තර පිටියට සමු දෙයි.

0
Views: 2

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔහු මාධ්‍යට පවසා තිබේ.ක්‍රීඩකයන් හට වසරක් පාසා අත්සන් කරනු ලබන ගිවිසුමට මෙවර ඩේවිඩ් විලීගේ නම කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර නොමැත.
.
33 හැවිරිදි ඩේවිඩ් විලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

ඩේවිඩ් විලී එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 70කට සහ විස්සයි20 තරග 43කට ක්‍රීඩා කර ඇති අතර පිළිවෙළින් කඩුලු 94ක් සහ 51ක් දවාගෙන ඇත.

ඔහු 2016 ලෝක විස්සයි20 ලෝක කුසලානයේ දෙවන ස්ථානයට පත් වූ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර, අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එංගලන්තය අවසන් වරට පරාජයට පත් වූ විට ලකුණු 20 කට 3 ක් ලබා ගත්හා.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *