දකුණු අප්‍රිකාවෙන් නවසිලන්තයට දැවැන්ත ප්‍රහාරයක්

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද පුනේ හිදී පැවත් උනා. දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 190 ක විශිෂ්ට ජයක් හිමි උනා.නවසීලන්ත නායක ටොම් ලේතම් කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය

දකුණු අප්‍රිකාව සිය සුපුරුදු රිද්මයට පැමිණෙමින් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නා.තරගාවලිය පුරාම මේ දක්වා සිය ආදිපත්‍ය ,ප්‍රහාරාත්මක බව සිය කණ්ඩායම ඉහල ලකුණු පුවරුවකට රැගෙන ගියා.

ක්වින්ටන් ඩි කොක් සහ රසී වැන් ඩර් ඩුසන් ශතක රැස් කරමින් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේ ලකුණු 357/4 දක්වා රැගෙන ගියේය.මෙම තරගාවලියේ නොකඩවා ලබා ගත සිය 04 වන ශතකය ලබා ගැනීමට ක්වින්ටන් ඩි කොක් සමත් උනා ,පන්දු 116 කදී ලකුණු 114ක් ලබා ගත්තා. රසී වැන් ඩර් ඩුසන් 2023 ICC ලෝක කුසලානයේ ඔහුගේ 2 වන ශතකය අද වාර් තා කලා.පන්දු 118 කදී ලකුණු 133ක් ලබා ගත්තා.ඩේවිඩ් මිලර් ලකුණු 53 ක් ලබා ගත්හ.

දැවැන්ත ලකුණු 358 ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායමේ මුල් පෙළ සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩක් ලබදුන්නේ නැහැ. තරමක හෝ සාර්ථකත්වයට පත් උනේ ග්‍රැහැම් පිලිප්ස් පමණි ,ඔහෝ ලකුණු 60 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී කෙෂව් මහරජ කදුළු 04 ක් ද,මාකෝ ජන්සෙන් කදුළු 03 ක් ද ,කොඑට්සේ කදුළු 02 ක් ද බිද හෙලුවා.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *