ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර දෙවන තරගය දබුල්ලේදී.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර දෙවන නිල නොවන යොවුන් ටෙස්ට් තරඟය අද (ඔක්තෝබර් 31) දඹුල්ලේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සොනාල් දිනූෂ පළමු පන්දුවට පහර දීමට බංගලාදේශයට ආරාධනා කළේය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙහි ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන්ට පිටියෙහි සාර්ථක වීමට ඉඩ ලබාදුන්නේ නැහැ.
චාමික ගුණසේකර නව පන්දුවෙන් බංග්ලාදේශ මුල්පෙළ බිද දැමු අතර, පළමු ඕවර 10 අවසානයේ බංග්ලාදේශය 54/5 ක් ලෙස අසීරු තත්ත්වයකට පත් කර ලිය.
අක්බාර් අලි සහ රකිබුල් හසන් බංග්ලාදේශ ඉනිමට ජවයක් ලබා දුන් අතර, හයවැනි කඩුල්ලට ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩ නැගුහ.අක්බර් අලි 62*, රකිබුල් හසන් 36,ක් ලබා ගත්හ,තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමු දිනයේ කඩුල්ල ඉක්මනින් ඉවත් කිරීමට විනිසුරුවන්ට සිදු විය. බංගලාදේශය තරගය නිමා වන විට ලකුණු 153/6ක් ලෙසින් කඩුල්ලේ රැඳී සිටියේය.
ගුණසේකර සිය පන්දුවාර 11 තුලදී ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් අමතක නොවන දස්කමක් දැක් විය.
sportzlanka.com