ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

0
Views: 1

කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් එක්දින තරගයේදී පාකිස්තාන 19න් පහළ පිල ලකුණු 165කින් පරාජය කරමින් ශ්‍රී ලංකා 19න් පහළ පිල ජය ගැනීමට සමත්විය.

මෙම තරගයට පෙර තරගමාලාව සමබරව පැවති අතර සෑම කණ්ඩායමක්ම ජයග්‍රහණ දෙක බැගින් ලබා පස්වැනි තරගයට පිවිසියේය. නායක සිනෙත් ජයවර්ධන සහ රුසඳ ගමගේගේ ලබාගත් අර්ධ ශතක සහ විහාස් තේව්මික සහ මල්ෂා තරුපතිගේ කඩුලු ත්‍රිත්ව දවාගැනීම් මත තරග පහකින් සමන්විත තරගාවලිය තමන්ට වාසිදායක තත්ත්වයට පත් කරගනිමින් තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය ඔවුන් විසින් ලබා ගන්නා ලදී.

පකිස්ථානය U19 පහල කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 293ක් රැස් කළේය. නායක ජයවර්ධන (ලකුණු 82, පන්දු 69, 11×4, 3×6) කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු රැස් කළේ තම කණ්ඩායම වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර් තා කරන බව සහතික කරමිනි.ඔහුට අනගි සහයක් දුන් ගමගේ පන්දු 64 කදී හතරේ පහර 5 ක් ඇතුළුව ලකුණු 66 ක් ලබා ගනිමිනි. පුලිඳු පෙරේරා පන්දු සංඛ්‍යාවකින් ලකුණු 47ක් එක් කළ අතර හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය.

පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන මොහොමඩ් ඉබ්තිසාම් ලකුණු 51කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක උබයිඩ් ෂා සහ වමතින් දඟ පන්දු යවන අරෆට් මින්හාස් ද පිළිවෙළින් ලකුණු 55ක් සහ 57ක් ලබා දෙමින් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පකිස්ථානය U19 කණ්ඩායම පන්දුවාර 32.3කදී ලකුණු 128කට සියල්ලන් දැවී ගියේය. අර්ෆත් පිලේ එකම සටන් කාමී පිතිකරුව වූ වූ අතර, හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් ඇතුළුව පන්දු 55 කින් ලකුණු 57 ක් රැස් කළේය. හරූන් අර්ෂාඩ් ලකුණු 17 දෙවැනි හොඳම පිතිකරුවා විය.

තෙව්මික සහ තරුපති කඩුලු 3 බැගින් දවා ගත් අතර විශ්ව ලහිරු ද කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, එම ඉලක්කය පසුකර යාමට තරම් වේලාවක් ක්‍රීඩා පිටියෙහි පාකිස්තාන පිතිකරුවන්ට රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදුන්හ.

තරග ශාරාංශය,
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පාකිස්ථානය ලකුණු 165කින් පරාජය කළේය

ශ්‍රී ලංකා 19න් පහළ 293-9, ඕවර 50 (සිනෙත් ජයවර්ධන 82, රුසඳ ගමගේ 66, පුලිඳු පෙරේරා 47; මොහොමඩ් ඉබ්තිසාම් 2-51, උබයිඩ් ෂා 2-55, අරෆත් මින්හාස් 2-57)

පකිස්තාන 19න් පහළ 128, ඕවර 32.3 (අරෆත් මින්හාස් 57, හරූන් අර්ෂාඩ් 17; විහාස් තෙව්මික 3-12, මල්ෂා තරුපති 3-12, විශ්ව ලහිරු 2-29)

තරගයේ වීරයා – විහාස් තෙව්මික (ශ්‍රී ලංකා 19න් පහළ)

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *