බණ්ඩාරවෙළ සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 70ක ජයක්.

0
Views: 2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවු 17 න් පහල අන්තර් පාසල් 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පසුගිය 31 වැනිදා කඳාන ද මැසනොද් විද්‍යාලයේදී පැවැත්විය

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්හ.සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක ප්‍රවිශ්ක නදීන්. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟන් ලකුණු 61ක් ලබා ගත්තා.ශිමල්ක කාංචන ලකුණු 46ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා.

පන්දු යැවීමේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයේ තරුන් දම්සිත් සහ ශනුක දෙනුවන් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ලකිත් නේමින්ද කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි. ඒ පන්දු වාර 38 කදියි.ප්‍රමෝද් නිම්සර නොදැවී 23,තරුන් දම්සිත් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශාන්ත තෝමස් විද්‍යාලයේ කල්හාර දිසානායක ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *