ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක්

0
Views: 2

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරගය හයකට සහභාගී වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර තිබෙන නිසා තරගාවලියේ ඉදිරිය ගැන සහ 2025 ශූරයින්ගේ කුසලානය ගැන බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත්වේ.

මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ආරම්බක පිතිකරුවන්ට සාර්ථක වීමට දිල්ෂාන් මදුශංක අවස්ථාව ලබානොදුන්හ.ලකුණු 04 ක් ලබා සිටි රෝහිත් ශර්මාව පිටියෙන් ඉවත් කිරීමට ඔහු සමත් විය.ඉන් පසු පිටියට එකතු වූ විරාට් කෝලි ,ශුබ්මන් ගිල් සමග දෙවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 189 ක සබදතාවක් ගොඩ නැගුහ.

ශ්‍රී ලංකා කන්ඩායමේ දුර්වල පන්දු රැකිම හමුවේ මෙවැනි විශාල ලකුණු ප්‍රමාණයකට යාමට ඉන්දියාවට හැකි උනා.විරාට් කෝලි ,ශුබ්මන් ගිල් ලබා දුන් උඩපන්දු දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිලිහි ගියා.

නැවතත් ක්‍රියාත්මක වූ දිල්ෂාන් මදුශංක විරාට් කෝලි හා ශුබ්මන් ගිල් දව ගැනීමට සමත් උනා.ගිල් ලකුණු 92 ක් හා කෝලි ලකුණු 88 ක් ලබා ගත්හ.මැදපෙළ ශක්තිමත් කරමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කල ශේය්රිෂ් අයියර් පන්දු 55කදී ලකුණු 82 ක් ලැබුහ.රවින්ද්‍ර ජඩේජා ලකුණු 34ක් ලබා ගත්තේය.

ඉන්දියාව සිය පන්දු ඕවර් 50 අවසානයේදී කදුළු 07 ක් දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංක ලකුණු 80 කට කඩුලු 05 ක් දවා ගනු ලැබුවා.

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කන්ඩායමට ලකුණු 358 ක් ලබා ගතයුතුවේ.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *