සුපිරි වටයට යාමෙහි බලාපොරොත්තු ඇෆ්ගනිස්ථානය ඉහල නංවයි

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය අතර පැවැත් වුනා.තරගය අද ලක්නව් හි එකනා ක්‍රීඩාපිටියේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා .

ඇෆ්ගනිස්ථාන පන්දුයව්න්නන්ගේ බල ඇණියට හසු වූ නෙදර්ලන්තය පන්දු ඕවර් 46 කදී ලකුණු 179 ක සිමා කිරීමට සමත් වුයේ සුපිරි 04 දෙනාගේ වටයට යාමේ ඇෆ්ගනිස්ථාන බලාපොරොත්තු ඉහල නංවමිනි.

නෙදර්ලන්තය වෙනුවෙන් ස්යිබ්‍රන්ඩ් ලකුණු 58 ක් රැස් කළේය.මැක්ස් ඔඩ්ව්ඩ් ලකුණු 42 යි.නෙදර්ලන්ත ඉනිමේ ක්‍රීඩකයින් තිදෙනෙකු අපරික්ෂාකාරී ලෙස දුවද්දී දැවියාමට ලක්විය.එබැවින් විශාල ලකුණු ප්‍රමානයකට යාමේ මග ඔවුනට නොලැබිණ.

පන්දු යැවීමේදී මොහොමඩ් නබි ලකුණු 29 කට කඩුලු 03 ක් දවාගත්තේය.නුර් අහමඩ් ලකුණු 32 කට කඩුලු 02 යි.

ලකුණු 180 ක ඉල්ලක්කයක් හබා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය ඉතා පහසුවෙන් එම ඉලක්කය පසු කලේය.ඒ අනුව කඩුලු 07 ක පහසු ජයක් ලබා ගැනිමට ඔවුනට හැකි විය.ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල හස්මතුල්ලා සහිඩ් ලකුණු 56 ක් ලබා ගත්හ.රහ්මත් සාහ් ලකුනු 52 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී සකිබ් සුල්ෆිකාර් හා වැන් බීක් කඩුලු එක බැගින් දවාගත්හ.
ඇෆ්ගනිස්ථානය මේ වන විට තරග 07 කදී ජයග්‍රහණ 04 ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගනිමින් 5 වන ස්ථානයේ පසු වේ.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *