අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නැවත හෙට සිට

0
Views: 2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නැවත වතාවක් හෙට (05) සිට ආරම්භ වෙනවා. ඒ අනුව හෙට A කාණ්ඩායෙන් තරග 4ක් ද සහ B කාණ්ඩයෙන් තරග 5ක් ද ලෙසින් තරග 9ක් ආරම්භ විමට නියමිතයි.

තරගාවලිය, පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය ඔක්තෝබර් මස 2 වැනිදා සිට නතර කෙරුණ අතර මාසයක පමණ විරාම කාලයකින් පසුවයි නැවත ආරම්භ වෙන්නේ. මෙම තරගාවලිය මීට පෙර ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ද මාසයකට අධික කාලයක් නතර කර තිබුණා.

තරගාවලියේ නිමා වූ තරග අනුව මේ වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩායෙන් පළමු ස්ථානය ප්‍රසාද ලකුණු (67.815ක් ලබා සිටින Colts කණ්ඩායම වෙත ද දෙවැනි සහ තෙවැනි ස්ථාන රාගම (58.685) සහ SSC (52.21) කණ්ඩායම් ද හිමි කර ගෙන තිබෙනවා.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ලකුණු 63.58ක් ලබා සිටින Ace Capital කණ්ඩායමට හිමි ව තිබෙනවා. ඒහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 57.815ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජයට ද සහ තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 53.435ක් ලබා සිටින බදුරලිය ක්‍රීඩා සමාජය ද සතු කරගෙන සිටිනවා.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *