ශ්‍රී ලංකා E ,බංග්ලාදේශ E තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිම වෙයි.

0
Views: 2

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර දෙවන නිල නොවන යොවුන් ටෙස්ට් තරඟය ඊයේ (නොවැම්බර් 3) දඹුල්ලේදී ජය පරාජයෙන් තොරව අවසන් විය. තරග 2කින් සමන්විත තරගාවලියද 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

බංග්ලාදේශය ලබාගත් ලකුණු 251ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 261ක් රැස් කළේය.සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල පවන් රත්නායක පන්දු 119කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් රැස්කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේ දී රිපන් මොන්ඩෝල් ලකුණු 83කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. නහිඩ් රානා ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත්තේය.

බංග්ලාදේශ E කණ්ඩායම සිය දෙවැනි ඉනිම ලකුණු 10ක් ඉදිරියෙන් ආරම්භ කළ අතර, වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පෙර ඔවුන් දැඩි පිතිහරඹයක නිරත වෙමින් කඩුලු 2කට ලකුණු 149ක් ලබා සිටියහ.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර් ධ ශතක ලබා ගත් අතර, දඟ පන්දු යවන කල්හාර සේනාරත්න පන්දුවෙන් දස්කම් දක්වමින් බංග්ලාදේශ ඉනිමේ දැවීගිය කඩුළු දෙකම ලබා ගත්තේය.. පළමු ඉනිමේදී කඩුලු 9ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *