52වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

0
Views: 2

පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග අද (04) කොලබ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.තරගාවලිය පැවැත්වෙන්නේ Ritzbury ආයතනයේ අනුග්‍රාහකත්වයෙනි .

අද පැවතී තරග ඉසව් කිහිපයක් ඉතා උණුසුම් මුහුණුවරක් ගත්ත . ඉසව් කිහිපයක අවසන් තරග වලින් සමන්විත වූ දෙවැනි දිනයේ දී නව තරගාවලි වාර් තා පහක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්කම් දැක්වුවා.

15න් පහළ බාලක මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සීදූව සාන්ත තෝම්ස් ක්‍රිස්තු පාසලේ සෙනුර කොස්තාට හැකි වූ අතර ඔහු වාර් තා කළ කාලය මිනිත්තු 2:01.01ක් ලෙස සටහන් වුනා,එය අද දවසේ ෆිටනු ලැබූ පළමු වාර් තාව උනා. තවද ඔහු එම තරගයෙන් කෙටි වේලාවකට පසුව පැවති 15න් පහළ බාලක මීටර් 200 තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනුනා.

බාලිකා මීටර් 600 ඉසව්වේ අවුරුදු 14න් පහළ කාණ්ඩය නියෝජනය කළ මාවනැල්ල සුජාතා විද්‍යාලයේ එම්.එන්. ධර්මදාස එම ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙලුවේ මිනිත්තු 1:42.6ක කාලයකින් වාර් තා කරමිනි.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ එම්. සී. රාජසිංහ 14න් පහළ බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර් 55.70ක දුරක් විසිකරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට හැකියාව ලැබුනා.

එම වයස් කාණ්ඩයේම බාලිකා හෙල්ල විසි කිරීමේ වාර්තාව බිඳ හෙළීමට වත්තල OKI ජාත්‍යන්තර පාසලේ ඒ. සමස්තිට හැකි වූ අතර ඇය එහි දී වාර්තා කළ දස්කම මීටර් 31.10ක් ලෙස සටහන් වුනා.

52වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි සහ අවසන් දිනයේ තරග ඉසව් හෙට (05) පැවැත්වීමට නියමිතයි

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *