එංගලන්ත කාන්තා රග්බි කණ්ඩායම නවසිලන්ත කන්ඩායම පරාජය කරයි.

0
Views: 6

එංගලන්තය නවසීලන්තය 33 – 12 අභිබවා WXV ශූරතාව දිනාගෙන ලෝක කුසලාන පිරිමි රග්බි තරගාවලියේ එංගලන්ත පිරිමි කණ්ඩායම ලැබූ පරාජයේ අමිහිරි වේදනාවන් කටු ගා දැමීමට සමත්ව තිබෙනවා.

ඕක්ලන්ඩ්හිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 33-12 ක ජයක් වාර් තා කරමින් එංගලන්තය මංගල WXV ශූරතාව දිනා ගත්තේය. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එකම පාර්ශ්වයෙන් හද කම්පා කරවන පරාජයකින් වසරකට පසුව, රතු රෝස [red rose ] නව ජාත්‍යන්තර කණ්ඩායම් තරඟයේදී විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය.

සිව්වැනි මිනිත්තුවේ දී ඇලෙක්ස් මැතිව්ස් එංගලන්තය විසින් ලබාගත් උත්සාහක දිනුම් 5 න් පළමුවැන්න ලබා ගැනීමත් සමඟ එංගලන්තය ශක්තිමත් ආරම්භයක් ලබා ගත් අතර ,ලාර්ක් ඇට්කින් දෙවෙනි උත්සාහක දිනුම ලබා ගත්හ.ඔවුන් 23 වැනි මිනිත්තුවේදී තෙවැනි උත්සාහක දිනුමත්, සාරා බර්න්ගේ සරල නිමාවකින් පසුකර ගියහ.

නවසීලන්ත කණ්ඩායම තරගයේ අර් ධයට මිනිත්තු දෙකකට පෙර, කෙනඩි සයිමන් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය.49 වැනි මිනිත්තුවේදී Katelyn Vaha’akolo දෙවන උත්සාහක දිනුමද වාර් තා කළේය.පළමු අර් ධය නිම වනවිට 19 – 12 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියේය.

Morwenna Talling සිව්වැනි උත්සාහක දිනුමත් සමඟින් එංගලන්ත ජයග්‍රහණය ලං කල අතර අතර ඔවුන් 33 – 12 ක් ලෙස ජයග්‍රහණය තහවුරු කළේය.

sportzlanka.com

Views: 6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *