ප්‍රබල ඉන්දියාව ලකුණු 326 කට සිමා කරයි.

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 37 වන තරගය අද මුම්බායි නුවර ඊඩන් ගාර්ඩන් ක්‍රීඩා පිටියේදී දැන් පැවැත්වේ.

කාසියේ වාසිය දිනු ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. අද තරගයේ විශේෂත්වය වන්නේ තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටින ඉන්දියාව හා ලකුණු සටහනේ දෙවනුවට සිටින දකුණු අප්‍රිකාව යන ප්‍රබලයන් අතර සටනක් වීමයි.

අද විරාට් කොලිගේ උපන්දිනය දී තිබීමත් වැදගත් කාරණයක් වේ.මෙහිදී කෝලි සිය 49 වන එක්දින ශතකයක් සමගින් සිය උපන්දින තෑග්ග ලබා ගනු ලැබුවා.අද ඔහු සම කරනු ලැබුවේ සචින් තෙන්ඩුල්කාර් විසින් තබා තිබු වාර්තාවයි.

ඉන්දීය ඉනිම : විරාට් කෝලි 101,ශේරියස් අයියර් 77,රෝහිත් ශර් මා 40, ජඩේජා 27.
පන්දු ඕවර 50 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 326

පන්දු යැවීමේදී රබඩා, ශම්සි,මහාරාජ්,ජනසන් ,න්ගිදී අතරේ එක කඩුල්ල බැගින් බෙදී ගියහ.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සදහා ඕවර 50 කදී ලකුණු 327 ක් අවශ්‍යයි.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *