සිකන්දර් රාසා සිම්බාබ්වේ ක්‍රිකට් නායකත්වයට්

0
Views: 2

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා සිම්බාබ්වේ T20 ජාත්‍යන්තර කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත.

දැනට සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වල ජාතික කණ්ඩායමට නායකත්වය දරනු ලබන්නේ Craig Ervine විසිනි.

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, සිම්බාබ්වේ ක්‍රිකට් තුල යම් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.පාලක මණ්ඩලය විසින් සිම්බාබ්වේ ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස ඩේව් හූටන් නැවත රඳවා තබා ගන්නා ලදී.

ක්‍රිකට් තේරීම් කමිටු මණ්ඩලයට සාමාජිකයින් තිදෙනෙකු නම් කර ඇත එල්ටන් චිගුම්බුරා ,ඩේවිඩ් මුටේන්ද්‍ර හා ඩේව් හූටන්

දෙසැම්බරයේ උගන්ඩාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා T20 ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පසුව සිම්බාබ්වේ ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Gary Brent සහ Captain Mary-anne Musonda ගේ ධුර කාලය මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ඇතත්, කාන්තා ක්‍රිකට් සැකැස්මේ කිසිදු වෙනසක් මෙහි නොමැත.

ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස Blessing Ngondo පත්කර ඇති අතර Hamilton Masakadza, Kenyon Ziehl, Russell Tiffin, Julia Chibhabha, Houghton සහ Chigumbura සෙසු සාමාජිකයින් වේ.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *