සුපිරි ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

0
Views: 2

බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

සුනිල් නරේන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන ලද්දේ 2019 වසරේ දිය.
ඔහුගේ වසර අටක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ගත් තීරණය සිය Instagram ගිණුම හරහා තහවුරු කර තිබේ.

මගේ ක්‍රිකට් දිවියට පෞද්ගලිකව උදව් උපකාර කළ සහ බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කිරීමේදී මගේ සිහිනය සැබෑ කර ගැනීමට මට උදව් උපකාර කල සියලු දෙනාට මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන්න කැමතියි.” සුනිල් නරේන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සිය විශ්‍රාම ගැනීම පිළිබඳව එසේ සඳහන් කර තිබුනේය.[To all my fans, peers and loved ones: a letter regarding my retirement from international cricket]

2011 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කල සුනිල් නරේන් එක්දින තරග 65ක් සහ විස්සයි20 තරග 51ක් ඇතුළුව මුළු ජාත්‍යන්තර තරග 122කට ක්‍රීඩා කර ඇත. 2012 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රධානතම හේතුව වූයේද නරේන් වීමද විශේෂත්වයකි.

ඒ සමගම නරේන් විශ්‍රාම ගියද විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ. ඉන්දීය ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග්, මේජර් ලීග් සහ ඉන්ටර්නැෂනල් ලීග් වැනි විස්සයි20 ලීගවලදී නරයින් ක්‍රීඩා කරනු ඇත.

සුනිල් නරේන් ඔබ ක්‍රිකට් ක්‍රීඩාව වෙත කල සේවයට sportzlanka.com සුභ පැතුම් එක්කරමි.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *