පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙල සාර්ථකව නිම වෙයි.

0
Views: 1

2023 ඔක්තෝබර් 20 වැනි සිකුරාදා සන්තියාගෝ ජාතික ක්‍රීඩාංගණයේ 25,000 ක ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ එරට ප්‍රධාන පෙලේ ටෙනිස් ක්‍රීඩකයන් වන ෆර්නැන්ඩෝ ගොන්සාලෙස් සහ එකම චිලී ඔලිම්පික් රන් පදක්කම්ලාභී නිකොලස් මැසු 90 හැවිරිදි ලුසී ලෝපෙස් සමඟ එක් ව ක්‍රීඩා පහන දල්වා තරගාවලිය ආරම්භ කරන ලදී.
එලෙස ආරම්භ උ තරගාවලිය පුරා දින 15 ක් පුරා චිලි හිදී පැවැත්විණි .එහිදී නව තරග වාර්තා රැසක් මෙන්ම 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට බොහෝ රටවල් සුදුසුකම් ලැබිය.
කලාපයේ ප්‍රබලයා වන ඇමෙරිකාව මෙවර තරගාවලියේ වැඩිම පදක්කම් ප්‍රමාණයට හිමිකම් කියමින් පළමු ස්ථානයට පත් විය.රන් පදක්කම් 124 ක් සමගින් මුළු පදක්‌කම් 86 ක් ඔවුන් ලබාගත්හ.
බ්‍රසීලය රන් 66 ක් සමගින් මුළු පදක්කම් 205 ක් ලබා දෙවනි ස්ථානයේත් ,මෙක්සිකෝව රන් 52 ක් සමගින් මුළු පදක්කම් 142 ක් ලබා තේවනි ස්ථානයේත් පසු විය ..

ක්‍රීඩා දැල්ල නිවී ගිය අතර ගිනිකෙළි හඬ මැද්දේ සන්තියාගෝ යෂ්ටිය කොලොම්බියාවේ බැරන්කිලා නගරාධිපති වෙත භාර දුන් අතර 2027 දී මීළඟ පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙල කොලොම්බියාවේ පැවැත්වීමට නියමිතය.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *