ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය ජය ගනී

0
Views: 4

ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අද පවතී 38 වන තරගයෙන් කඩුලු 03 ක පහසු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ,පිතිකරුවන්ට පාරාදීසයක් වූ දිල්ලි තනතිරුවේ අද දිනයේත් සිය දුර්වල වගකීම් විරහිත පිතිහරබයක නිරත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබදතාවය මෙම තරගාවලිය පුරා සාර්ථක නොවිය.කුසල් පෙරේරාගෙන් කණ්ඩායම බලාපොරොත්තු වූ සහයෝගය නොලැබිණ.අපරික්ෂාකාරී පිතිහරබයක නිරත වූ බැවින් බංග්ලාදේශ පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ ඉතා ඉක්මනින් බිද දැමුහ,

ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ අමිහිරිතම දැවී යාමකට අවාසනාවන්ත ලෙස මැතිව්ස් ගොදුරු විය.

ලකුණු 280 ක ඉලක්කය හබයමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන්ට කඩුල්ලේ රදිසිටීමට දිල්ෂාන් මදුසංක ඉඩ ලබා නොදුන්හ.මුළු ලකුණු 42 ක් වන විට මුල් කඩුලු දෙක ඔහු විසින් දවා ගත්හ.ඉන් පසු නායක සකිබ් අල් හසන් හා සැන්ටෝ එකතුව තෙවෙනි කඩුල්ලට ලකුණු 169 ක සබදතාවක් ගොඩ නැගිය.බංග්ලාදේශ පිතිකරුවන් පන්දු ඕවර 41.1 කදී කදුළු 07 ක් දැවී ලකුණු 82 ක් ලබා ගනිමින් ජය වාරථ කළහ.

සකිබ් අල් හසන් ලකුණු 82 , නජිමුල් සැන්ටෝ 90
පන්දු යැවීමේදී මදුශංක කඩුලු 03 ක් ද,මැතිව්ස් කඩුලු 02,තික්ෂන් කඩුලු 02 ක් දවා ගත්හ.

තරගයේ වීරයා සකිබ් අල් හසන්.

sportzlanka.com

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *