ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලනයකට

0
Views: 4

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලන කමිටුවක් පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ 1973 ක්‍රීඩා පනතේ 25 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට ඇති බලතල උපයෝගී කර ගනිමින් මෙම කමිටුව නම් කළ බවයි. පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස් වන ලෙසටයි.එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්  විය.

හත් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අරජුන  රණතුංග මහතා පත් කර තිබෙනවා. අනෙක් සාමාජිකයන් ලෙස

    උපාලි ධර්මදාස මහතා

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.ඉමාම් මහතා

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය.

    විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා මහත්මිය.

    නීතීඥ රකිත රාජපක්ෂ මහතා

    හිෂාම් ජම්ල්දීන් මහතා 

යන නිලධාරීන් පත් කර තිබෙනවා.

sportzlanka.com

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *