සුපිරි 04 වටයට යාමේ අවසන් බලාපොරොත්තු සටන හෙට

0
Views: 2

2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ 38 වන තරඟයේදී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එළඹෙන හ්ජෙට සදුදා දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
ශකීබ් අල් හසන් සහ කුසල්මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් බංගලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම මේ වන විට පැවැත්වෙන තරගාවලියේ අටවැනි තරගය ලෙසින් සිය මෙම තරගයෙහි දස්කම් දැක්වීමට සූදානමින් සිටිති.

අවාසනාවන්ත ලෙස බංග්ලාදේශය අවසන් පූර්ව වටයට තරග වැදීමෙන් ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රැඳී ඇත්තේ ඔවුන්ගේ ඉතිරි තරග දෙකේදී සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගැනීම සහ පිළිමළුන් පිටුදැකීමේ අදියරට යාමට අනෙකුත් කණ්ඩායම්වල ප්‍රතිඵල කෙරෙහි අවධානයෙන් සිටීමයි.

බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ සිය කණ්ඩායමට මාධ්‍ය මගින් ලබාදෙන ප්‍රචාරණ ගැන කලකිරී සිටින බවත්, තමන් ගැන ස්වයං විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින බවත්ය .

ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් අද පවතී මාධ්‍ය හමුවේදී පැවසුවේ පසුගිය තරගයේදී ඉන්දියාවට ලකුණු 302 ක පරාජයක් ලැබීම ගැන නොසිතීම දුෂ්කර බව පිළිගත් නමුත් සඳුදා බංග්ලාදේශයට එරෙහි තරගයට පෙර තම කණ්ඩායමට එම බලාපොරොත්තු සුන්වීම පිටුපසින් තබා ක්‍රීඩා කල යුතු බවය..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංග්ලාදේශය සමඟ ලෝක කුසලාන ගැටුමට පෙර පුහුණු සැසියකට සූදානම් වෙමින් සිටිය නමුත් දිල්ලිහි ඇති අදික දුමාරය නිසා එය අත්හැරදමුහ.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *