ඇෆ්ගනිස්ථානය ලකුණු 291/5 යි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වන තරගය අද ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාන්ගනයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනා ගත ඇෆ්ගනිස්ථානය මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලබා ගත් ප්‍රථම ශතකය ලබා ගැනීමට ඉබ්‍රහිම් සද්රාන් සමත් උනා.ඉනිම අවසන වන විටත් නොදැවී කඩුල්ලේ රැදී සිටි ඔහු පන්දු 143 කින් ලකුණු 129 ක් ලබා ගත්තේය.ඔවුන් සිය පන්දුවාර් 50 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 291 ක ඉලක්කයක් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන්හ.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රෂිඩ් කාන් වේගවත් ලකුනු 35 ක් ලබා ගත්හ.රහමට් ෂාහ් ලකුණු 30 යි.
පන්දු යැවීමේදී ජෝෂ් හැසල්වුඩ් ලකුණු 39 ට කඩුලු 2 ක් දව ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 6 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියහ.
sportzlanka.com