බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වී තිබේ.

0
Views: 3

සදුදා (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී සකීබ් අල් හසන්ගේ වම් අතේ මාපටැඟිල්ල ආබාධයකට ලක්විය.ආබාධයෙන් පසු ඔහු මුළු තරගයම ක්‍රීඩා කළද, පසුව සිදු කරන ලද X-ray පරීක්ෂණයකින් ඇඟිල්ලක් කැඩී ඇති බව අනාවරණය විය.

මේ හේතුවෙන් සකීබ් අල් හසන් ලබන 11 වැනිදා පූනේහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ලෝක කුසලාන බංගලාදේශ පිලේ අවසන් තරගයට ක්‍රීඩා නොකරන බව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී සකීබ් අල් හසන් පන්දු 65කදී ලකුණු 82ක් ලබා ගනිමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ දක්ෂතා සමඟින් බංග්ලාදේශ කණ්ඩායම සිය 2 වැනි ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

2025 ICC චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ මුල් 8 දෙනා අතරට පැමිණිය යුතුය. එබැවින් ඉදිරි තරග ඉහත කණ්ඩායම්වලට වැදගත් තරගයක් වීම විශේෂත්වයකි

sportzlanka.com

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *