ඔස්ට්‍රේලියාව වාරතා පොත් අලුත් කරයි.

0
Views: 9

වාර්තා පොත් අලුත් කරමින් ඔස්ට්‍රේලියාව සුපිරි 04 දෙනාගේ වටයට සුදුසු කම් ලබයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය අද ඇෆ්ගන්ස්ථානය සමග මුම්බායි හිදී අවසන් උනා.ලකුණු 292 ක ඉලක්කයක් හබ ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙළ විනාශ කිරීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් උනා.ලකුණු 91 කට මුල් පෙළ කඩුලු 07 ක් ඔවුන් බිද දැමුවා.ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔවුනට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

සටන්කාමී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමග පිටියෙහි එකතු වුන නායක පැට් ක්මින්ස් 08 වන කඩුල්ලට වාර් තාගත ලකුණු 202 ක නිබිදුනු සබදතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමෙහි ජය තහවුරු කළා.

මෙහිදී ග්ලේන් මැක්ස්වෙල් ද්විත්ව ශතකයක් ලබා ගැනීම විශේෂයි.තරගය අතරතුර පාදයේ ආබාදයකට ලක් වුවත් සිය සටන ඇත නොහැරිය ඔහු සිය කණ්ඩායමේ නැංගුරම බවට ඔඅත් වෙමින් පන්දු 128 ක් තුල නොදැවී ලකුණු 201 ක් රැස් කළහ. නායක පැට් ක්මින්ස් පන්දු 68 කින් ලකුණු 21 යි.

එම ජයත් සමග ඔවුන් අර්ධ අවසන් පුරවා වටයට සුදුසුකන් ලැබුවා.ඒ අනුව එහිදී ඔවුන් දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතයි.

sportzlanka.com

Views: 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *