ශ්‍රී ලංකාව ශුරයන්ගේ කුසලානයට යයිද ?

0
Views: 2

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා.ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇති අතර ශුරයන්ගේ කුසලානයට ක්‍රීඩා කිරීමට ඔවුන් අතර සටනක් පවතී.

2025 ශුරයන්ගේ කුසලානයට මෙවර කණ්ඩායම 08 ක් තරග වදින අතර 2023 ලෝක කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් 08 එය සදහා සුදුසුකම් ලබයි.
මේ වන විටත් 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හයේ රැඳෙන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාවට එක තරගයක්,නෙදර්ලන්තයට තරග දෙකක්,එංගලන්තයට තරග දෙකක්,හා බංග්ලාදේශයට තරග එකක් ලෙස තරගාවලියේ ඉවතට විසි වූ කණ්ඩායම වලට ඇත.

නෙදර්ලන්තය සහ එංගලන්තය අතර තරග මේ වන විට පූනේ හිදි පැවැත්වෙනවා. නෙදර්ලන්තයට මෙම තරගය සහ ඉන්දියාව සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ඔවුන්ට කිසිඳු ගැටලුවකින් තොරව එම තරගාවලියට සුදුසුකම් ලබා ගත හැකි.

එංගලන්තයට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ගේ මීළඟ තරග ද්විත්වය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනවා. එම තරග දෙක ම ඔවුන් ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තම ඉතිරි තරග ජයග්‍රහණය කරයි නම් එංගලන්තයට දළ ලකුණු වේගයේ සහය පැතීමට සිදු වනවා.

ශ්‍රී ලංකාවට ඉදිරි නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ශූරයින්ගේ කුසලානය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකියි.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම් තුනට තම ඉතිරි තරගය ජයග්‍රහණය කළ හැකි වුව හොත් දළ ලකුණු වේගය මත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති.

Sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *